හොංකොංහිදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින්, කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට මෙරට දක්ෂ ක්‍රීඩිකා තරුෂි අභිෂේකා සමත්ව තිබේ. ඇය මිනිත්තු 04යි තත්පර 31යි දශම 4යි එකක (4:31.41) දක්ෂ කාලයක් වාර්තා කරමින් මෙම රන් පදක්කම ජයග්‍රහණය කළාය. මෙම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාව විසින් දිනාගත් අතර, ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට කොරියානු ක්‍රීඩිකාව සමත් වූවාය.මේ අතර, මෙම තරගාවලියේම පිරිමි මීටර් 3000 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ක්‍රීඩක විදූෂාන් රාජේන්ද්‍රන්ට එම ඉසව්වේ 6 වන ස්ථානය හිමිව තිබේ.
















