ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙල්බර්න්හි ස්ප්‍රින්වේල් (Springvale) නගර ශාලාවේදී පැවති මෙම විශේෂ හමුවේදී, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ඇමැතිවරයා අවධානය යොමු කර ඇත.
එහිදී වත්මන් රජය ගෙන ඇති ප්‍රගතිශීලී තීන්දු තීරණ සහ අනාගත වැඩපිළිවෙළ පිළිබඳව ඇමැතිවරයා පැහැදිලි කර ඇති අතර, නව රජය කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය කිසිසේත් පළුදු නොවන අයුරින් රජය කටයුතු කරන බවටද සහතික වී තිබේ. තම සංචාරය අතරතුර තවත් නිල හමුවීම් කිහිපයකට සහභාගි වීමටත්, ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ අනෙකුත් නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















