ශ්‍රී ලංකාවේ සියලුම මාතෘ සායන මට්ටමින් ක්‍රියාත්මක වන “ත්‍රිත්ව තුරන් කිරීමේ” විශේෂ සෞඛ්‍ය වැඩසටහන ජූනි 01 දින සිට සාර්ථකව ආරම්භ කර තිබේ.
මෙම නව වැඩසටහන යටතේ දිවයිනේ ඕනෑම රජයේ මාතෘ සායනයකට පැමිණෙන සියලුම ගැබිණි මව්වරුන් සඳහා හෙපටයිටීස් – බී (Hepatitis B) වෛරසය රුධිරයේ පවතීදැයි සෙවීම සඳහා වන විශේෂ රුධිර පරීක්ෂාව නොමිලේ සිදු කෙරේ. දරුවාට සහ මවට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් අවම කිරීම සඳහා මෙම පරීක්ෂණය අත්‍යවශ්‍ය වන බැවින්, සියලුම ගැබිණි මව්වරුන් තම ප්‍රදේශයේ පිහිටි රජයේ මාතෘ සායනය වෙත ගොස් මෙම සේවාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
















