2026 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම මෙරට සමෘද්ධි බැංකු පද්ධතියේ පවතින විගණන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චම්පික හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් මෙන්ම විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී සමෘද්ධි බැංකු විගණනයට අදාළව දැනට කිසිදු නිශ්චිත ක්‍රමවේදයක් (Framework) නොපවතින බව නිලධාරීන් පෙන්වා දුන් අතර, 2025 වර්ෂයේ විගණනය සිදු කිරීමට නම් 2023 සහ 2024 වසරවල විගණන කටයුතු මුලින්ම අවසන් කළ යුතු බව අනාවරණය විය. එහෙත් එම කටයුතු බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙතෙක් අවසන් වී නොමැත. මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා නිලධාරීන් 300ක් පමණ අවශ්‍ය වුවද, වසර එකහමාරක් ඇතුළත නිලධාරීන් 200ක් බඳවා ගැනීම ප්‍රමාණවත් බව විගණකාධිපතිතුමිය මෙහිදී සඳහන් කළාය. මේ අනුව පවතින තත්ත්වය සලකා බලා, සමෘද්ධි බැංකු හා සමිති විගණනය කිරීම සඳහා අවශ්‍ය නිශ්චිත ක්‍රමවේදය අධ්‍යයනය කර, ඒ සඳහා වන යෝජනාවලියක් කඩිනමින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපති හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය.
තවද, රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ (Cyber Security) පද්ධති විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය තුළ තොරතුරු තාක්ෂණ (IT) විශේෂඥයින් නොමැති වීම නිසා එම කටයුතු බාහිර විගණකවරුන් (External Auditors) ලවා සිදුකරන බව නිලධාරීහු මෙහිදී පිළිගත්හ. මීට අමතරව ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) වැඩසටහන යටතේ මෙතෙක් කිසිදු මුදල් ගෙවීමක් සිදුකර නොමැති බවත්, එය ව්‍යවස්ථාපිත අරමුදලක් නොව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින සාමාන්‍ය ගිණුමක් පමණක් බවත් මෙහිදී අනාවරණය වූ අතර, එය නිසි ව්‍යවස්ථා
















