තුර්කියේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් වන ‘පෙන්තෝල්’ (Penthol) සමූහය සහ ‘ඇමෙරොන් එනර්ජීස්’ (Ameron Energies) හි නියෝජිතයින් සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් පසුගිය (05) දින අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙම හමුවේදී තුර්කි ආයෝජකයින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමඟ රට තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකාමී පරිසරය තමන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම, ආයෝජන ව්‍යාපෘති කිසිදු බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට පවතින හැකියාව සහ රජයේ සහයෝගය පිළිබඳව ඔවුන් සිය ප්‍රසාදය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ බලශක්ති සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි නව ආයෝජන අවස්ථා ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා සහ තුර්කි දූත පිරිස අතර අදහස් හුවමාරු වී ඇති අතර, ඉදිරි කාලයේදී දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
















