ඉන්දියාවේ එංගලන්ත සහ අයර්ලන්ත සංචාරය සඳහා වන විස්සයි20 ජාතික සංචිතයට 15 හැවිරිදි තරුණ පිතිකරු වෛභව් සූර්යවංශි ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එමෙන්ම, සූර්යකුමාර් යාදව් නායකත්වයෙන් ඉවත් කර ශ්‍රෙයාස් අයියර් කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කිරීමට ද තීරණය කර ඇත.
මෙම සංචාරය සඳහා නම් කර ඇති ඉන්දීය විස්සයි20 සංචිතය පහත පරිදි වේ:
ශ්‍රෙයාස් අයියර් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, ශිවම් ඩුබේ, තිලක් වර්මා (උපනායක), වෛභව් සූර්යවංශී, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, වරුන් චක්‍රවර්ති, රවී බිෂ්නෝයි, මොහොමඩ් සිරාජ්, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං සහ ප්‍රින්ස් යාදව්.
















