එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින්, කොවිඩ් ඇතුළු වසංගත රෝග රැසකට ප්‍රතික්‍රියා කළ හැකි නව එන්නතක් සංවර්ධනය කිරීමට සමත්වී තිබේ. මෙම නවීන තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද එන්නත මේ වන විට මිනිස් සිරුරේ අත්හදා බැලීම්වලින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නත මගින් දැනට පවතින සියලුම කොවිඩ් ප්‍රභේද මෙන්ම සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරස් වර්ග රැසකට ද සාර්ථකව මුහුණ දිය හැකි බව පර්යේෂකයින් පවසයි. දැනට මූලික අදියරේ පවතින මෙම එන්නතේ පර්යේෂණ කටයුතු අවසන් වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මෙම පර්යේෂණ කණ්ඩායම මේ වන විටත් උණ (Flu) සහ ඉබෝලා වසංගතයන්ට එරෙහිව ප්‍රතික්‍රියා කරන නව එන්නත් ද සංවර්ධනය කරමින් සිටියි. කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් අනාගතයේදී මාරාන්තික වෛරස් වර්ග රැසක් පාලනය කිරීමට හැකි නව එන්නත් පෙළක් නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.
















