වීරවිල පොලිස් වසමට අයත් හම්බන්තොට – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (10) උදෑසන හම්බන්තොට දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දෙසටම ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා වහාම දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා 67 හැවිරිදි වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වීරවිල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.















