කොළඹ විශ්වවිද්‍යාලය සමග ඇතිකරගත් රුපියල් ලක්ෂ 65 ක බැදුම්කර ගිවිසුමක් කඩකර, එකී මුදල නොගෙවා පැහැර හැරීමෙන් දුෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන මෙන් ඉල්ලා සිටිමින් දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසට සේවය කරන එස්. එල්. ප්‍රියන්ත ෆොන්සේකා නැමැති අයට එරෙහිව පුරවැසියෙකු විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
2026 ජුනි 07 වන දිනැතිව ගොනු කර තිබෙන මෙම පැමිණිල්ල මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසට 2007 වසරේදී බැදුන එස්. එල්. ප්‍රියන්ත ෆොන්සේකා නැමැති අය 2011 වර්ෂයේදී ඕස්ටේ්රලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිලිබද දර්ශනපති උපාධියක් හැදෑරීම සදහා ශිෂ්‍යත්වයක් ලබාගෙන ගොස් තිබෙන බවත් ඒ සදහා කොළඹ විශ්වවිද්‍යාලය සමග රුපියල් ලක්ෂ 65 ක පමණ බැදුම්කරයකට අත්සන් කර තිබුණ බවත් සදහන් කර ඇත.
අදාල පශ්චාත් උපාධිය අදාළ නියමිත වසර ගණන තුළ, එය සම්පූර්ණ කර නැවත කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමට, මෙම පුද්ගලයා අසමත්වීම හේතුවෙන් 2015 වසරේදී ඔහුගේ සේවය අවසන් කර අදාල බැදුම්කර මුදල අයකර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය තීරණය කර ඇත.
මහජන මුදලින් වැයකර ඇති සහ නැවත රජයට අයවිය යුතු මෙම බැදුම්කර මුදල ගෙවීම පැහැර හරින මෙම පුද්ගලයා තමන් බැදුම්කර ආපසු අයකර ගැනීමකට නියමිත පුද්ගලයෙකු බව සගවමින් වංචා සහගත ලෙස 2018 වසරේදී නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස බැදී ඇත.එසේ බැදීමේදී තමන් බැදුම්කර වරදකට වරදකරුවී රුපියල් ලක්ෂ හැට පහක එම මුදල අයකර ගැනීමට නියමිත පුද්ගලයෙකු බව හෙලිදරව් නොකළ බව, ඔහු විසින්ම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ ලියා පලකර තිබුන හෙලිදරව්වක් පදනම් කර ගනිමින්, මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලළිත කලා අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස මේ වන විට සේවය කරන එස්. එල්. ප්‍රියන්ත ෆොන්සේකා නැමැති අය මහජන බදු මුදලින් ලබාගත් ශිෂ්‍යත්වයකට අදාල රුපියල් මිලියන 6.5 ක වටිනාකමැති බැදුම්කරයක් කඩකර, එකී මුදල් රජය වෙත ගෙවීමට නියමීතව තිබියදී නොගෙවා පැහැර හැරීම පිලිබදවත් සහ එකී වංචාව පිලිබදව කරුණු සගවමින් නැවත රජයේ රැකියාවකට බැදී වැටුප් ලබාගනිමින් කටයුතු කිරීම තුලින් රජයට අයුතු පාඩු සිදුකර ඇති බැවින්ද, තමන් වෙත අයුතු වාසි සලසා ගැනීමට කටයුතු කරමින් ඇති බැවින්ද, 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර තිබෙන බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව සහ ඔහුට ඒ සදහා අනුබල දුන් පුද්ගලයන්ට සහ රජයේ නිලධාරීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාල නෛතික පියවර ගැනීමට කටයුතු කරන මෙන් අදාල පැමිණිල්ල මගින් ඉල්ලා සිට ඇත.
















