දිවයින පුරා සිදුකළ ඩෙංගු පරීක්ෂාවන්හිදී පාසල් පද්ධති ආශ්‍රිතව වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
පරීක්ෂණවලට අනුව පාසල් පද්ධති ආශ්‍රිතව ඩෙංගු කීටයින් බෝවන ස්ථාන 41%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වන අතර, ආගමික ස්ථාන ආශ්‍රිතව 28%ක් සහ කර්මාන්තශාලා ආශ්‍රිතව 26%ක් ලෙස මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය බස්නාහිර, දකුණු, මධ්‍යම (මහනුවර හා මාතලේ), බදුල්ල, මඩකලපුව, වයඹ සහ සබරගමු පළාත්වල දිස්ත්‍රික්ක 14ක බරපතළ ලෙස ව්‍යාප්ත වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අදාළ ආයතන නිරන්තර අවධානයෙන් පසුවන අතර, එම ස්ථාන පිරිසිදු කරවීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාසල්, ආගමික ස්ථාන සහ කර්මාන්තශාලා පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
















