• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 47% කටම අධි බර බෝ නොවන රෝග මර්දනයට සෞඛ්‍ය ඇමැතිගෙන් හදිසි බළකායක්

23 June 2026
in දේශීය, පුවත්
ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 47% කටම අධි බර බෝ නොවන රෝග මර්දනයට සෞඛ්‍ය ඇමැතිගෙන් හදිසි බළකායක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග (NCD) පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ කරගනිමින් විශේෂ කාර්යසාධන බළකායක් ගොඩනඟන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැති “සෞඛ්‍යසම්පන්න පාසල් ආපණශාලා පිළිබඳ මාර්ගෝපදේශය” එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේදීය. වර්ෂ 2070 සහ 2080 වැනි අනාගතයේදී මෙරට වයස්ගත ජනගහනය බවට පත්වන වත්මන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති අතර, මෙම කෙටි ආහාර මාර්ගෝපදේශය පාසල්වලට පමණක් සීමා නොකර සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල ඉහළ මට්ටමේ රැස්වීම් සහ උත්සව සඳහා ද අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
“කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු” යන්න තේමා කර ගනිමින් 2026 වසරේ පෝෂණ මාසය ක්‍රියාත්මක වන අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෙරට පවතින බරපතළ පෝෂණ ඌනතා දත්ත කිහිපයක් ද හෙළි කර තිබේ. ඒ අනුව, 2025 වසරේ ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටිබව සියයට 10.1 ක් ද, කෘශබව සියයට 8.6 ක් ද, අඩු බර සියයට 16.1 ක් සහ අධි බර හෝ තර්බාරුකම සියයට 0.57 ක් ලෙස වාර්තා වේ. එමෙන්ම 2025 දත්තවලට අනුව ගර්භිණී මව්වරුන්ගෙන් සියයට 13.2 ක් පළමු මාස තුන තුළ අඩු බරින් යුක්ත වන අතර, මාතෘ සායනයේ ප්‍රථම වරට ලියාපදිංචි වන මව්වරුන්ගෙන් සියයට 14.3 ක්ම මධ්‍යස්ථ සහ උග්‍ර මට්ටමේ රක්තහීනතාවයෙන් පෙළෙන බව හෙළි වී ඇත.
මීට අමතරව, මෙරට වැඩිහිටි ජනගහනය ද දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ, 2021 වසරේ පවත්වන ලද STEPS සමීක්ෂණ දත්ත ද සිහිපත් කළේය. එම දත්තයන්ට අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 47.6 ක් සහ වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 30.0 ක් අධි බරින් යුක්ත වන අතර, වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 15.2 ක් සහ වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 6.3 ක් ස්ථුලතාවයෙන් (Obesity) පෙළෙන බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය වෙනස් කරමින් ජනතාව නිසි පෝෂණ පුරුදු වෙත යොමු කිරීම මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
Post Views: 5
Previous Post

ලංකා මහිලා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 04 වැනිදා මාලඹේදී

Next Post

කැලණිය සරසවියේ මූල්‍ය අධ්‍යයනාංශයේ 15 වැනි සන්වත්සරයට කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved