මහනුවර ජාතික රෝහලේ රක්තවේද පරීක්ෂණාගාරයේදී පැයකට ඩෙංගු රුධිර සාම්පල 200ක් පරීක්ෂා කළ හැකි ලොව නවීනතම රුධිර විද්‍යා විශ්ලේෂණ (Hematology Analyzer) යන්ත්‍රයක් ස්ථාපිත කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 10ක පිරිවැයක් දරා ලබාදුන් මෙම මයින්ඩ්රේ (Mindray) යන්ත්‍රය සතු ‘නොමේරූ පට්ටිකා භාගය’ (IPF) මැනීමේ ත්‍රිමාන තාක්ෂණය නිසා, රෝගීන්ගේ පට්ටිකා ගණන යථා තත්ත්වයට පත්වන කාලය කල්තියා හඳුනාගෙන අනවශ්‍ය ලෙස පට්ටිකා ශරීරගත කිරීම් වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වනු ඇත.
මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, දැනට පවතින යන්ත්‍රයෙන් පැයකට පරීක්ෂා කළ හැක්කේ සාම්පල 90-100ක් පමණක් වන බැවින් රට පුරා ඩෙංගු ව්‍යාප්ත වන මෙවැනි කාලයක මෙම නව උපකරණය විශාල සහනයක් බවයි. මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සහ බයෝ මෙඩිකා ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















