• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිලිනය 1,500ක දැවැන්ත ප්‍රතිපාදනයකින් කොළඹ මහල් නිවාස 27ක් නවීකරණය කෙරේ

23 June 2026
in දේශීය, පුවත්
මිලිනය 1,500ක දැවැන්ත ප්‍රතිපාදනයකින් කොළඹ මහල් නිවාස 27ක් නවීකරණය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණවල ජන ජීවිතය උසස් කිරීම සඳහා රජය විසින් විශේෂ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ‘Metro Uplift’ ව්‍යාපෘතිය යටතේ මේ වසර තුළ පමණක් රුපියල් මිලියන 1,500ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම නවීකරණ කටයුතුවල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 20 වැනිදා කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘මිහිඳු සෙන්පුර’ සහ ‘සියපත් සෙවණ’ නිවාස සංකීර්ණවල විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත විය.
මෙහිදී ගිනි නිවන පද්ධති, ගිලා බැස ඇති පදික වේදිකා, මෑන් හෝල්, ජලාපවහන හා කානු පද්ධති, පොදු ප්‍රදේශවල විදුලි ආලෝකය, කසළ බැහැර කිරීමේ ක්‍රමවේද, මායිම් තාප්ප, ආරක්ෂිත කැමරා පද්ධති (CCTV) සහ පොලිස් මුරපොළ ඇතුළු පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය පහසුකම් රැසක් නවීකරණය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. 2013 වසරේ ඉදිකරන ලද, පර්යන්ත 6කින් සහ නිවාස ඒකක 820කින් සමන්විත දෙමටගොඩ ‘මිහිඳු සෙන්පුර’ නිවාස සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 249ක් වැය කෙරෙන අතර, 2018 වසරේ ජනතා අයිතියට පත්කළ පර්යන්ත 3කින් හා නිවාස ඒකක 702කින් සමන්විත ‘සියපත් සෙවණ’ නිවාස සංකීර්ණය සඳහා රුපියල් ලක්ෂ 66.8ක් වැය කිරීමට නියමිතය. මීට අමතරව මෙම මහල් නිවාස දෙකෙහිම මලාපවහන පද්ධති සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 203ක විශේෂ මුදලක් වෙන් කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ කොළඹ මෙවැනි අඩු ආදායම්ලාභී මහල් නිවාස පද්ධති 27ක් පවතින බවත්, මූලික සැලසුම්වල අඩුපාඩු හා දීර්ඝ කාලයකින් නිසි නඩත්තුවක් සිදු නොවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවත්ය. නාගරික සංවර්ධනයේ මූලධර්ම සුරකිමින් මිනිසුන්ට හිතකර ජීවන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව පැවසූ අමාත්‍යවරයා, රජය විශාල මුදලක් වැය කර ගොඩනඟන මෙම පොදු පහසුකම් ආරක්ෂා කර ගැනීමට නිවැසියන් ද කමිටුගත වී සක්‍රියව මැදිහත් විය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

කැලණිය සරසවියේ මූල්‍ය අධ්‍යයනාංශයේ 15 වැනි සන්වත්සරයට කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක්

Next Post

මහනුවර ජාතික රෝහලට මිලියන 10ක ලොව වේගවත්ම රුධිර විශ්ලේෂණ යන්ත්‍රයක් පැයකට ඩෙංගු පරීක්ෂණ 200ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved