පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර හතක කාලයක් ගතවී තිබුණ ද, ඒ වෙනුවෙන් මෙතෙක් සාධාරණ යුක්තියක් ඉටුනොවූ බව පවසමින් මීගමුව, කටුවපිටිය හන්දියේදී පෙරේදා (21) විශේෂ නිහඬ විරෝධතාවක් පවත්වා තිබෙනවා. ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු වඩාත් විධිමත් හා කඩිනම් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
මෙම නිහඬ විරෝධතා ව්‍යාපාරය සඳහා එදා ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්වූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්, විවිධ සිවිල් සහ සමාජ ක්‍රියාකාරීන්, කන්‍යා සොහොයුරියන් මෙන්ම කටුවපිටිය ප්‍රදේශවාසීන් පිරිසක් ද සක්‍රියව එක්ව සිටියහ.
















