පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජයතිලක නේවාසිකාගාරය විශ්වවිද්‍යාල පිවිසුම් මාර්ගය අසල සුන්දර තැනිතලාවක පිහිටා තිබෙන අතර එය පිරිමි නේවාසිකාගාරයක් වශයෙන් භාවිතයට ගැනෙයි.
අරුණාචලම් ශාලාවේ ,නිවුන්, ශාලාව වන ජයතිලක ශාලාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිකරන ලද පළමු ශාලා 5 න් එකකි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු නායකයා සහ විශ්ව විද්‍යාල යෝජනා ක්‍රමයේ ප්‍රධාන චරිතයක් වූ ශ්‍රීමත් බාරොන් ජයතිලකට මහතාට ගෞරව කිරීම සඳහා එය ,ජයතිලක ශාලාව, ලෙස නම් කර තිබේ. මෙම ශාලාව විශ්ව විද්‍යාලයේ පහසුවෙන් ප්‍රවේශ විය හැකි නේවාසික ශාලාවක් වන අතර එහි පිරිමි සිසුන් 189 දෙනෙකුට නවාතැන් සැපයීමට හැකියාව ඇත.
දශක කිහිපයක් නිසි අළුත්වැඩියාවකින් තොරව පැවතුන නිසාවෙන් මෙම ශාලාවද ඇතුළු විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් වහාම පූර්ණ අළුත්වැඩියාවකට ලක් කල යුතු වන බවට එවකට වැඩ ඉංජිනේරු නිශාන්ත ජයසූරියාරච්චි විසින් ලබාදෙන ලද වාර්ථාව සලකා බලන ලද එවකට උපකුලපති උපුල් දිසානායක මහතා ඇතුළු බලධාරීන් මෙම ගොඩනැගිලි පූර්ණ අළුත්වැඩියාවකට ලක් කිරීමට තීරණය කර ඒ සදහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගන්නා ලදි.
ඒ අනුව අරුණාචලම් ශාලාව සහ විජේවර්ධන යන ශාලා ප‍්‍රතිසංස්කරණය කෙරුණ අතර කොන්ත‍්‍රාත් කරුවන්ගේ යම් යම් ගැටළු හේතුවෙන් ජයතිලක ශාලවේ කටයුතු වසර කිහිපයක් ප‍්‍රමාද වී ඇත.
කෙසේ වෙතත් පසුගිය දිනවල මෙම ශාලාවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන්වූ අතර එය සිසුන්ට භාවිතා කල හැකි තත්ත්වයට පත්කර තිබුනි.මෙහිදී නව ඉදිකිරීම් කිසිවක් සිදුකෙරෙී නැති අතර තීන්ත ආලේප කිරීම, වහල අළුත්වැඩියාව, ජලාපවහන සහ මළ අපවහන පද්ධති අළුත්වැඩියාව මෙන්ම ආපනශාලාව පුළුල් කිරීම ආදී ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම කාරණය තමන්ගේ වාසියට හරවා ගනිමින් ඉන් බැබලීමට උත්සාහ කරන පිරිසක් මෙම කටයුත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පහසුකම්වල දැවැන්ත සංවර්ධනයක් බවට හුවා දක්වමින් විවෘත කිරීමේ උත්සවයක්ද පවත්වා ඒ සදහා මාධ්‍ය ආවරණයක්ද ලබා ගැනීමට උත්සාහ ගෙන තිබීම අනුකම්පා කටයුතු තත්ත්වයකි.
මෙම විවෘත කිරීමේ කටයුත්තේදී ඒ සදහා මූලික වූ හිටපු උපකුලපති උපුල් දිසානායකට හෝ හිටපු වැඩ ඉංජිනේරු නිශාන්ත ජයසූරියාරච්චි යන අයට කැදවීමක් හෝ අවම තරමේ සිහිපත් කිරීමක් සිදු නොකිරීම කුහකකමකි.එසේම අනුන්ගේ හොදවැඩ වල කීර්තිය තම නමට ලියා ගැනීමට උත්සාහ කිරීම බුද්ධිමතුන්ට නොගැලපෙන අවර ගණයේ ක්‍රියාවකි.එවැනි ක්‍රියාවලට ගැමි වහරේ “අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙනවා වගෙයි” යනුවෙන් කියයි.වසර තුනක පාලන කාලයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී යන තෙක් ම සේවකයන්ගෙන් පලි ගැනීමත් කැනඩාවට යාම ඒමත් හැර අන් කිසිවක් නොකල තැනැත්තෙකු හට අනුන්ගේ ළමුන්ට උප්පැන්න දීමත් ලොකු වැඩකි.
















