ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් සහ නිරුපද්‍රිතතාව සඳහා අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය (Aeronautical Message Handling System) ප්‍රතිස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මගින් මෙහෙයවනු ලබන මෙම පද්ධතියේ දැනට පවතින ජීව කාලය අවසන් වෙමින් පැවතීම හේතුවෙන්, ඒ වෙනුවට නවීන පද්ධතියක් සැපයීම සහ ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,000ක (රුපියල් බිලියනයක) ඇස්තමේන්තුගත පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, එය සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ප්‍රාග්ධන අයවැය යටතේ සිදු කිරීමට නියමිතය. රත්මලාන ප්‍රදේශයේ ස්ථාපිත මෙම පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් සිය අනුමැතිය ලබා දෙන ලදී.
මෙම නවීකරණය මගින් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවන්හි ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















