අප මින් පෙර කිහිප වතාවක් හෙලිදරව් කර ඇති පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්තරා ආකාරයක “මුදා නොගත් කලාපයකි.” එහි ක්‍රියාත්මක වන්නේ රටේ පොදු නීති පද්ධතිය නොව පේරාදෙණියටම ආවේණික කැළෑ නීති පද්ධතියකි. නීති ලෙස මවා පෙන්වනු ලබන මේවා ඇත්ත වශයෙන්ම යම් යම් පුද්ගලයන්ගේ “ඇරියස්” පිරිමසා ගැනීම සදහා ගොඩනගා ගත් උපකල්පනයන් මිස කිසිදු නීතියකට, සදාචාරයකට අයත් ඒවා නොවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ පූර්ණකාලීන උපශාලාධිපති කහගල සාරානන්ද හාමුදුරුවන්ගේ කථාව ඉහත පූර්විකාවට කදිම උදාහරණයකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැලකිය යුතු ශිෂ්‍ය හාමුදුරුවරුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරමින් සිටිති.මෙම ශිෂ්‍ය හාමුදුරුවරුන් සදහා නේවාසික පහසුකම් සැලසීම පිණිස සංඝාරාමය සහ කෙහෙල්පන්නල යනුවෙන් වන භික්ෂු නේවාසිකාගාර දෙකක් පවත්වාගෙන යනු ලබයි.මෙම නේවාසිකාගාරයන් ද්විත්වයේ පූර්ණකාලීන උප ශාලාධිපති ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය කහගල සාරානන්ද හාමුදුරුවන් වහන්සේය.
සාරානන්ද හිමියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් අධ්‍යාපනය හදාරා උපාධිය ලැබීමෙන් පසුව පූර්ණකාලීන උපශාලාධිපතිවරුන් බදවාගැනීම සදහා වන තරග විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්ෂකටද මුහුණදීමෙන් අනතුරුව මෙම පත්වීම ලබාගෙන ඇත. ස්වාමීන් වහන්සේසේගේ සේවා කාලය වසර 32 ක්වන අතර එම වසර 32 කම ගතකර ඇත්තේ සංඝාරාමයේ පූර්ණකාලීන උපශාලාධිපති ලෙසය.
සාරානන්ද හිමියන් 2027-11-02 වන දින වසර 60 සැපිරීමෙන් විශ්‍රාම යාමට නියමිතය.කණගාටුදායක කාරණය වන්නේ මෙම තිරස්චීන පලිගැනීම් මාලාව සිදුවන්නේ එහිමියන්ගේ විශ්‍රාමය මුවවිට තබාගෙන වීමය.
සිදුවීම ආරම්භ වන්නේ 2023 වර්ෂයේ දිනෙක එවකට උපකුලපති මහදුරාවේ ළමාවංශ හදිසි සෝදිසියක් සදහා ගිහි නිලධාරීන් පිරිසක් පමණක් සමග සංඝාරාමයට කඩාපැනීමත් සමගිනි.උපකුලපතිවරයාට විශ්වවිද්‍යාලයේ යම් නේවාසිකාගාරයක් පරීක්ෂා කිරීමට කිසිදු තහනමක් නැතත් හාමුදුරුවන් පිරිසක් වැඩ වාසය කරන සංඝාරාමය වැනි ස්ථානයක් පරීක්ෂා කිරීමේදී වඩාත් වැඩි සංයමයකින් යුතුව සහ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම කටයුත්ත කල යුතුව තිබුණි. එය කෙසේද යත් උපකුලපතිවරයාට එවැනි බලයක් (සහ ආශාවක්) තිබුනත් කාන්තා නේවාසිකාගාරයකට එසේ හදිසියේ නිලධාරීන් සමග කඩා වැදීම නුසුදුසු වන්නා සේය.
දුම්මල වරම අතින්ගත් යකැදුරෙකු ලෙස සංඝාරාමයට කඩා පිනූ ළමාවංශ ඔහුගේ සපුරුදු චාරානුභාවයක් නැති ක්රියාපිලිවෙත පරිදි එහි සිටි සුළු සේවකයෙක් අල්ලාගෙන ඔහුට “බලූ බැණුම්” බැණ වදින්නට පටන්ගෙන ඇත.
මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි උපශාලාධිපති සාරානන්ද හිමි එම නින්දා සහගත බැණ වැදීමට එරෙහිවී තම සේවකයා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කර තිබේ.
මෙම අවස්ථාවේදී සාරානන්ද හිමි උපකුලපති සහ උපශාලාධිපති යන තනතුරු නාමයන් පැත්තක තබා පන්සලේ හාමුදුරුවන් සහ උපාසක තැන යන සම්බන්ධතාවයට අනුව ළමාවංශට දෙපිටින් යන්නට දේශනා කිරීමක් සිදුකර ඇත.හොදහැටි බණ දේශනාකර පුරුදු සාරානන්ද හිමියන්ගේ ඊතල බදු වදනින් කරකියාගන්නට යමක් නැති වූ උපකුලපතිවරයා දුර්මුඛව ගොස් පසුබැස තිබේ.
දිගු පළිගැනීමක ආරම්භය සටහන් වන්නේ එලෙසිනි.
– මතු සම්බන්ධයි
















