ආර්ථික ස්ථාවරභාවය ප්රමුඛතාවක්ව පවතින අතරම, රජයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ප්රතිලාභ ජනතාවට සෘජුවම ලැබීමට සැලැස්වීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ සොනාලි ජෛන්-චන්ද්‍රා මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිසක් අද (30) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය. ජූනි 24 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් මෙම හමුව පැවැත්විණි.
එහිදී රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව IMF නියෝජිත පිරිස සිය පැසසුම පළ කළ අතර, ඔවුන් පෙන්වා දුන්නේ අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි. ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ 7 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ වැඩසටහන් ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කරන බවද ඔවුහු දැනුම් දුන්හ.එක්සත් ජනපද තීරුබදු පැනවීම, දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර කම්පන හේතුවෙන් ප්‍රමාදයන් ඇති වුවද, රජය කඩිනමින් පියවර ගනිමින් රට ප්‍රතිසාධන මාවතේ පවත්වාගෙන යයි.ආර්ථික වර්ධනය සහ ස්ථාවරභාවයේ ප්රතිලාභ සියලුම පුරවැසියන් වෙත ළඟා වන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ.ජනතාව මත අනවශ්‍ය බරක් ඇති නොකර, උපරිම ප්රතිලාභ අත්කර දෙන අයුරින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි රජය අඛණ්ඩව අවධානය යොමු කර ඇත.රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සමීප සහ ධනාත්මක සබඳතාව අගය කළ ජනාධිපතිවරයා, ප්‍රතිසංස්කරණ වැඩසටහන බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට හැකිවීම අන්‍යෝන්‍ය අවබෝධයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන්නේය.
















