විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොල්ලන්කනත්ත වෙරළ තීරයට ගසාගෙන පැමිණි මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. වනජීවී නිලධාරීන් සිදුකළ මුර සංචාරයකදී මෙම මළ සිරුර හමුවී ඇති අතර, මූලික පරීක්ෂණවලදී ඩොල්ෆින් මත්ස්‍යයාගේ සිරුරේ ධීවර දැලක පැටලීම හේතුවෙන් ඇතිවිය හැකි තුවාලවලට සමාන සලකුණු දක්නට ලැබී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එළුවන්කුලම් වනජීවී අභයභූමිය දැනුවත් කර ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ. මෙම සිදුවීමත් සමඟ කලාපයේ සාගර ජීවීන් වෙත ධීවර කටයුතු හරහා සිදුවන බලපෑම් පිළිබඳව යළිත් කනස්සල්ලක් මතු වී තිබේ.
















