වවුනියාව නගර සභාවේ සෙන්කෝලය කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට එම නගර සභාවේ ලේකම් අරසරත්නම් බාලකිරුබන් මහතා වවුනියාව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.ලේකම්වරයා පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් වවුනියාව නගරාධිපතිවරයාව පසුගිය ජූනි 24 වැනිදා ධූරයෙන් ඉවත් කිරීම සිදු කළ දිනයේම මෙම සොරකම සිදුව ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
















