පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එස්.බී. රාජනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (ජූලි 01) එම සභාවේ ලේකම්වරිය වෙත භාර දී තිබේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාපති ධූරයට පත් වූ රාජනායක මහතා සහ සර්වජන බලය පක්ෂය නියෝජනය කළ උප සභාපතිවරයා අතර කාලයක සිට මත ගැටුම් පැවතිණි. සභාපතිවරයා අත්තනෝමතික ලෙස පාලනය ගෙන යන බවට චෝදනා කරමින් උප සභාපතිවරයා මීට සති කිහිපයකට පෙර උපවාසයක ද නිරත විය. පසුගිය මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ පසුබිමක සමගි ජන බලවේගය සහ සර්වජන බලය එක්ව මෙම සභාවේ බලය පිහිටුවා තිබිණි.
















