රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවමත් පවතින්නේ අවදානම් මට්ටමක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය පැය 24 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,217 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 52.51%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි.
මේ වසරේ මේ දක්වා දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 32කි. ඩෙංගු රෝග ව්‍යාප්තිය අපේක්ෂිත මට්ටමින් පාලනය වී නොමැති බැවින්, ඉදිරියේදී රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
















