මෙරට චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදේශීය චිත්‍රපට සහ රූගත කිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරන ‘Single Window’ අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන විදේශීය නිර්මාණ සඳහා රාජ්‍ය ආයතන කිහිපයකින් වෙන වෙනම අවසර ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් එම ක්‍රියාවලිය දීර්ඝ සහ ප්‍රමාදිත එකක් බවට පත්ව ඇති බව මෙහිදී හඳුනා ගන්නා ලදී. යෝජිත මෙම නව යාන්ත්‍රණය තුළින් අදාළ අනුමැති ලබා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කර, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් චිත්‍රපට රූගත කිරීම් සඳහා වඩාත් සුදුසුම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීම සහ චිත්‍රපට කර්මාන්තයේ තරගකාරීත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට රාජ්‍ය ආයතනවල නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ චිත්‍රපට හා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසක් එක්ව සිටියහ.
















