මෙරට තුළ නිසි පරිදි ලියාපදිංචි නොවී පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි නිවාස, එළඹෙන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
වැඩිහිටි නිවාසවල වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඔවුන්ට ලැබෙන පහසුකම්වල ප්‍රමිතිය තහවුරු කිරීම රජයේ මූලික අරමුණ බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස හඳුනාගැනීම සඳහා මේ වන විට රට පුරා විශේෂ ක්ෂේත්‍ර සමීක්ෂණයක් දියත් කර ඇති බවයි.
එමෙන්ම, නියමිත දින වකවානුවෙන් පසුවත් ලියාපදිංචි නොවී නීති විරෝධී ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාසවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















