විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම යන රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් අද (2026.07.09) සිට විශේෂ මාර්ගගත (Online) දැනුවත් කිරීමේ සැසි මාලාවක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ ඉදිරි මාස හය තුළ විශ්‍රාම යාමට සැලසුම් කර ඇති රජයේ සේවකයින් ඉලක්ක කර ගනිමිනි. මෙම සැසි මාලාව ඔස්සේ විශ්‍රාම වැටුප් අයදුම්පත් නිවැරදිව සහ කඩිනමින් සකස් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකි අතර, එමගින් විශ්‍රාම වැටුප කල්තියා සහ බාධාවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් සේවකයින්ට ලබා දෙනු ඇත.
විශ්‍රාම යාමට අපේක්ෂා කරන සේවකයින්ට තම අනාගත මූල්‍ය සැලසුම් වඩාත් ක්‍රමවත්ව සිදු කර ගැනීමට මෙම වැඩසටහන මහත් පිටුවහලක් වනු ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.















