ජාත්‍යන්තර ආර්ථික බුද්ධි තොරතුරු ඒජන්සිය (Economist Intelligence Unit – EIU) විසින් මේ වසර සඳහා නිකුත් කරනු ලැබූ “ජීවත් වීමට අවම සුදුසුකම් ඇති ගෝලීය නගර ලැයිස්තුවට” පාකිස්තානයේ කරච්චි නගරය ද ඇතුළත් වී ඇති බව එරට ‘ඩෝන්’ (Dawn) පුවත් සේවය වාර්තා කරයි. මෙම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් කර ඇති සමස්ත නගර 173 අතරින් කරච්චි නගරය 170 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. එම ලැයිස්තුවේ කරච්චි නගරයට වඩා පහළ මට්ටමක පසුවන්නේ බංග්ලාදේශයේ ඩකා අගනුවර, සිරියාවේ ට්‍රිපොලි සහ ඩමස්කස් යන නගර තුන පමණක් වන අතර, දරුණු යුද ගැටුම් පවතින යුක්රේනයේ කීව් අගනුවර සහ ඉරානයේ ටෙහෙරාන් අගනුවර පවා කරච්චි නගරයට වඩා ඉහළ මට්ටමක පවතින බව වාර්තාවල දැක්වේ.
නාගරික පරිසරයක ජීවන රටාව, උසස් සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය මෙන්ම යටිතල පහසුකම් යන ප්‍රධාන සාධක මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. කරච්චි නගරයේ පවතින අධික වාහන තදබදය, දැඩි මාර්ග අවහිරතා සහ දිනෙන් දින ඉහළ යන අපරාධ වැනි දරුණු සමාජයීය ගැටලු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වලින් එම නගරය පහළ වැටීමට ප්‍රධානතම හේතු වී ඇති බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.
















