රුසියාවේ බලශක්ති සහ සැපයුම් ජාලයන් මුළුමනින්ම අඩපණ කිරීමේ අරමුණින් යුක්රේන සන්නද්ධ හමුදාවන් තුළ “දිගුකාලීන බලපෑම් එල්ල කිරීමේ විශේෂ බලකායක්” (Long-range impact command) පිහිටුවීමට ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන තිබේ. රුසියාවේ යුද ශක්තිය සම්පූර්ණයෙන්ම බිඳ දැමීම සඳහා මෙම නව බලකායේ සියලු සම්පත් යොදවන බව සෙලෙන්ස්කි අවධාරණය කළේය. මේ අතර, ගතවූ දින 5 තුළ රුසියානු තෙල් නැව් 50කට ආසන්න සංඛ්‍යාවකට යුක්රේනය ප්‍රහාර එල්ල කර ඇති අතර, ක්‍රස්නෝඩර් (Krasnodar) සහ ලෙනින්ග්‍රෑඩ් (Leningrad) හි පිහිටි රුසියාවේ විශාලතම තෙල් පිරිපහදු කිහිපයක් ද ඊයේ (10) ප්‍රහාරවලින් විනාශ වී ඇත. මෙම දැවැන්ත ප්‍රහාර හමුවේ රුසියාවේ දේශීය තෙල් නිෂ්පාදනය 65% දක්වා පහත වැටී ඇති අතර, එරටින් ඩීසල් අපනයනය තහනම් කිරීමටත්, ඇසොව් මුහුදේ (Sea of Azov) නැව් ගමනාගමනය නතර කිරීමටත් රුසියාවට සිදුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















