හොර්මුස් සමුද්‍ර සන්ධියේදී (Strait of Hormuz) ඉරානය විසින් තෙල් නැව් වෙත යළි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගැනීමත් සමඟ, ඇමෙරිකානු රජය විසින් ඉරානයට එරෙහිව නව මූල්‍ය සම්බාධක පැනවීමට කටයුතු කර තිබේ. ඉරානයේ නව නායක මොජ්ටබා ඛමේනිගේ (Mojtaba Khamenei) ප්‍රධාන මූල්‍ය සපයන්නෙකු ඇතුළු පුද්ගලයින් සහ ආයතන 14ක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු මූල්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත. ඉරාන විප්ලවීය බලකායට සහ එරට ප්‍රභූ පැලැන්තියට අරමුදල් සැපයීම සඳහා ඩුබායි සහ හොංකොං කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය ව්‍යාජ සමාගම් ජාලයක් මෙමගින් අඩපණ කර තිබේ. මේ අතර, ඉරානය සමඟ පැවැති සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන නායකයින් ගෝලීය මූල්‍ය පද්ධතියෙන් හුදෙකලා කිරීමට උපරිම පියවර ගන්නා බව අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















