අමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේදී ඉරාකය සමඟ දැවැන්ත ව්‍යාපාරික ගනුදෙනු රැසකට එළඹීමට සූදානම් වන බවත්, එමඟින් එරටින් විශාල වශයෙන් බොරතෙල් ලබාගැනීමට කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ධවල මන්දිරයේදී ඉරාක අග්‍රාමාත්‍ය අලි අල්-සයිදි (Ali al-Zaidi) සමඟ පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට පෙර මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කළේය. “ඉරාකයේ පවතින තෙල් සම්පත නිසා එරටට විශාල ආර්ථික විභවයක් තිබෙනවා. අපි ඔවුන් සමඟ ගනුදෙනු රැසක් කරන්න බලාපොරොත්තු වෙනවා. එමඟින් රටවල් දෙකටම විශාල රැකියා ප්‍රමාණයක් බිහිවන අතරම අපිට විශාල තෙල් ප්‍රමාණයක් එරටින් ලබාගැනීමට හැකිවනු ඇතැයි” ට්‍රම්ප් පැවසීය. දැනටමත් එහි තෙල් කැණීම් කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ ඇමෙරිකානු සමාගම් විසින් බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















