2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන 2026 ජූලි 23 වැනිදායින් පසුව කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජූලි 3 වැනිදා ආරම්භ වූ මෙම මාර්ගගත (Online) අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.එම්.ආර්.බී. ජයසුන්දර මහතා පවසා සිටියේ, ජාතික හැඳුනුම්පතක් නොමැති වීම විභාගයට අයදුම් කිරීමට බාධාවක් නොවන බවයි.
ඒ අනුව, ජාතික හැඳුනුම්පත නොමැති පාසල් අයදුම්කරුවන්ට අදාළ විදුහල්පතිවරුන් හරහා උපදෙස් ලබාගත හැකි අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් පද්ධතියේ ලියාපදිංචි වී අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් මතු වුවහොත් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784537, 0112786616 සහ 0112784208 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු විමසිය හැකි අතර, 0112784422 ෆැක්ස් අංකය ඔස්සේද විමසීම් කළ හැකිය.














