• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා දේශපාලනය තිබුණේ රට ගොඩනගන්න නෙවෙයි සාක්කු පුරවන්න

ඇමැති ලාල්කාන්ත

16 July 2026
in දේශීය, පුවත්
එදා දේශපාලනය තිබුණේ රට ගොඩනගන්න නෙවෙයි සාක්කු පුරවන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලවකවානුවේ පැවති දේශපාලන සංස්කෘතිය හුදෙක් රටේ සංවර්ධනය කෙරෙහි නොව, දේශපාලකයන්ගේ පෞද්ගලික ආර්ථික වාසි හා සාක්කු පිරවීම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වූවක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහනේ ගම්පොළ දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් දියත් කර ඇති මෙම වැඩසටහන යටතේ දිවයින පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර යටතේ තේ පරීක්ෂක කොට්ඨාස 144ක් ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් මේ වන විට ආරම්භ කර තිබේ.
කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ තේ කර්මාන්තය තිරසර සංවර්ධනයක් කරා යොමු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම වැඩසටහන හරහා කුඩා තේවතු ගොවීන්ගේ දලු අස්වැන්න හා ඵලදායීතාව ඉහළ නැංවීම, තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන වගා තාක්ෂණ හඳුන්වා දීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කෙරේ. එමෙන්ම ගොවීන් සඳහා විශේෂ රක්ෂණාවරණයක්, විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ සහනදායී ණය පහසුකම් ලබා දීම ද මෙම සමෝධානික සංවර්ධන පැකේජයට ඇතුළත් වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, රජයේ සහ නිලධාරීන්ගේ මැදිහත්වීමට අමතරව ජනතාවගේ ද සක්‍රිය සහභාගීත්වය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට තීරණාත්මක වන බවයි.
මීට කලින් දේශපාලනය තිබුණේ හරිහම්බ කිරීමේ දිශාවක බවත්, ඕනෑම ව්‍යාපෘතියකින් කීයක් හෝ තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට දේශපාලකයන් උත්සාහ කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. අද අපි ග්‍රාමීය දුප්පත්කම නැති කරලා පොහොසත්කම කරා යන ඉලක්කයක් හඹා යන බවත්, ඒ සඳහා දේශපාලකයන්ගේ සහ රාජ්‍ය සේවයේ සක්‍රිය මැදිහත්වීම මෙන්ම තමන්ගේ ඉඩම දියුණු කර ගැනීමට ගොවි මහත්වරුන් තුළ ඇති උනන්දුව ද අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. ජනතාව, රජය සහ රාජ්‍ය සේවය යන පාර්ශ්ව තුනම එකතුවී මෙම අභියෝගය ජයගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

උඩරට දුම්රිය ගමනාගමනය ලබන වසරේ සිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය අධිකාරිය පවසයි

Next Post

කතරගම ඇසළ උළෙලට පාද යාත්‍රාවෙන් පැමිණි බැතිමතුන් සංඛ්‍යාව 25,000 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
එදා දේශපාලනය තිබුණේ රට ගොඩනගන්න නෙවෙයි සාක්කු පුරවන්න

කතරගම ඇසළ උළෙලට පාද යාත්‍රාවෙන් පැමිණි බැතිමතුන් සංඛ්‍යාව 25,000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved