මෙරට ජනගහනයෙන් 51%ක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, ඊට ප්‍රධානතම හේතුව අධික ලෙස බත් පරිභෝජනය කිරීම බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආහාර වේලෙහි ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීම සඳහා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කර බත් පරිභෝජනය සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මීට අමතරව, වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජය විසින් නියම කර ඇති රුපියල් 120ක මිල වී කිලෝවක් සඳහා ලබාදිය හැකි උපරිම සාධාරණ මිල බවත්, ඊට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවන බවත් ප්‍රකාශ කළේය. වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව අවශ්‍යතාව පරිදි ගබඩා විවෘත කිරීමට පියවර ගන්නා බවත්, සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමට රජය මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දේශපාලන පක්ෂ විසින් ගොවීන් යොදා ගනිමින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, විපක්ෂ කණ්ඩායම් තම දේශපාලන අරමුණු සඳහා ගොවීන් සම්බන්ධ කරගන්නා බවත්, රජය විසින් ලබාදෙන විවිධ දීමනා වක්‍රව ගොවීන් වෙතම ගලා යමින් සමස්ත ආර්ථිකය ශක්තිමත් කරන බවත් ප්‍රකාශ කළේය.














