• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතරමඟ නතර වූ බලශක්ති ව්‍යාපෘති යළි අරඹන්න ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

17 July 2026
in දේශීය, පුවත්
අතරමඟ නතර වූ  බලශක්ති ව්‍යාපෘති යළි අරඹන්න  ජනාධිපතිගෙන් නිලධාරීන්ට  උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නතර වී තිබූ බලශක්ති ව්‍යාපෘති සියල්ල යළි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැති බලශක්ති අමාත්‍යාංශයේ 2026 වසරේ අයවැය ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ආධාර යටතේ ආරම්භ කර නතර වී තිබූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සහ ඒ සඳහා 2027 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.
දෙල්ෆ්, අනලතිව් සහ නයනතිවු දූපත්වල ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිවරයා, එම දූපත් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.
කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවැනි භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය, සාම්පූර්–කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය, නව හබරණ–කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය (CEATP), පාදුක්ක 220kV ජාල උපපොළෙහි STATCOM ස්ථාපනය කිරීම සහ වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීය.
ඛනිජ තෙල් අංශයට අදාළ ව්‍යාපෘති 14ක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නව ටැංකි 06ක් ඉදිකිරීම, මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි 02ක් ඉදිකිරීම සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීම, ටැංකි ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ කොලොන්නාව 07 වැනි කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම ඒ අතර වේ.
මෙම සියලු ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ සම්පූර්ණ කර ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

චීනයේ ඉහළ පෙළේ දූත පිරිසක් උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග් නුවරදී උතුරු කොරියානු නායකයා මුණගැසෙයි

Next Post

වසර 5කට පසු උපාධිධාරීන් 101ක් වෛද්‍ය රසායනාගාර හා භෞතචිකිත්සක පුහුණුවට

Editor TTV News

Editor TTV News

Next Post
වසර 5කට පසු උපාධිධාරීන් 101ක්  වෛද්‍ය රසායනාගාර හා  භෞතචිකිත්සක පුහුණුවට

වසර 5කට පසු උපාධිධාරීන් 101ක් වෛද්‍ය රසායනාගාර හා භෞතචිකිත්සක පුහුණුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

දරුණු ලැව්ගිනි නිසා ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

24 July 2026
පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved