“නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්ති සහගත සම්ප්රවේශයක්” යන රජයේ ප්‍රතිපත්තියට සමගාමීව, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රථම මධ්‍යස්ථානය අද (ජූලි 17) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නඩුඋත්තු ග්‍රාම නිලධාරි වසමේදී විවෘත කිරීමට නියමිතය. මෙම අවස්ථාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 250ක වියදමින් මෙම මධ්‍යස්ථානවලින් පළමු අදියර යටතේ මධ්‍යස්ථාන 10ක් ත්‍රිකුණාමලය, අම්පාර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මුලතිව්, කුරුණෑගල, කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.














