ඩිමෝ (DIMO) කුරුණෑගල ශාඛා පරිශ්‍රයේදී දින පහක් පුරා ක්‍රියාත්මක වූ ‘DIMO Mega Fiesta Kurunegala 2026’ සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල ටාටා (Tata) වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්ව ඇත. ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල නියැලී සිටින ප්‍රදේශයේ ටාටා වෙළඳ වාහන පාරිභෝගිකයින්ගේ වාහනවල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන අතරතුර ටාටා මෝටර්ස් හි පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ නොමිලේ සම්පූර්ණ වාහන පරීක්ෂාවන් සිදුකර විස්තරාත්මක තාක්ෂණික වාර්තා පාරිභෝගිකයින් වෙත ලබා දී ඇති අතර, එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල් සහ කූලන්ට් නොමිලේ පිරවීමේ සේවාවන් සමඟින් ටාටා ජෙනුයින් අමතර කොටස් සඳහා 50%ක දක්වා විශේෂ වට්ටම් හිමි කර දී ඇත. මෙහිදී එන්ජින් ආශ්‍රිත දෝෂ සහ ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා අවශ්‍යතා ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගත් අතර, අලෙවියෙන් පසු සේවාවන්ට අමතරව ඩිමෝ රීටේල් සහ ටාටා මගී හා වෙළඳ වාහන ප්‍රදර්ශන ද බැංකු, ලීසිං සහ රක්ෂණ ආයතනවල මූල්‍ය උපදේශන සේවාවන් ද ඊට ඇතුළත් විය.
පුද්ගලයින් 235 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාවන් සිදුකිරීම සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කිරීම හරහා පාරිභෝගික සුබසාධනය, ප්‍රජා සබඳතා සහ පරිසර හිතකාමීත්වය තවදුරටත් තහවුරු කර ඇති අතර, රථ හිමිකාරිත්ව ගමන පුරාවටම විශ්වාසනීය සහකරුවෙකු ලෙස රැඳී සිටීමේ කැපවීම මේ හරහා ප්‍රකට වන බව ඩිමෝ හි ඔටෝමොටිව් ඉංජිනේරු විසඳුම් අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා පවසා ඇත. ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට කටයුතු කරමින් විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ උසස් අලෙවියෙන් පසු සේවාවන් අඛණ්ඩව ලබාදීමට සමාගම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරයි.














