මෙරට සංචාරය සඳහා පැමිණි රුසියන් ජාතික පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් සහිත බෑගයක් සොරාගෙන යන බවට 2026 ජූලි 31 වන දින සවස ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් මහතා, පොතුවිල් කුඩාකල්ද දෙවන හරස් වීදිය මාර්ගයේදී එම සැකකරු සොරාගත් බෑගයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.බෑගය පරීක්ෂා කිරීමේදී විදෙස් මුදල් සහිත පසුම්බියද බෑගය තුළ තිබී ඇති අතර, එම මුදල්වල වටිනාකම රුපියල් 1,694,827 ක ප්‍රමාණයක් බව අනාවරණය වී තිබේ.
අවුරුදු 27 ක් වන පොතුවිල් පසරච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අත්අඩංගුවට ගත් සැකකරු, වින්දිත විදෙස් ජාතිකයා හා සොරකමට ලක්වූ දේපළ සමඟ පොතුවිල් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. අනතුරුව පොතුවිල් පොලිස් ස්ථානය විසින් සැකකරු පොතුවිල් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














