ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව, මාදම්පේ පම්බල ප්‍රදේශයේදී පොල් ඉඩමක් තුළ ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පාලනය කරගත නොහැකිව අගලකට පෙරළීයාමෙන් 24 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචි ට්‍රැක්ටර් රථ රියදුරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මඩු ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකුද මියගොස් තිබේ.තවද, කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේ මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 28 හැවිරිදි කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් යාපනය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත. මීට අමතරව, ඕමන්ත ප්‍රදේශයේදී ලොරි රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් 52 හැවිරිදි පදිකයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.














