දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ පවතින දැඩි වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී පවුල් 500ක් පමණ මේ වන විට අවතැන් වී තිබෙනවා. ගම්පොළ උඩපළාත සහ දොළුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මේ බව තහවුරු කර ඇත.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං සරීෆ් සහ මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හදිසි ආපදා කමිටුවක් ඊයේ (03) රැස්වී මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ගෙන ඇති ඉදිරි පියවර සාකච්ඡා කරන ලදී.
ජලයෙන් යට වූ ප්‍රධාන ප්‍රදේශ-
බැබිල
බෝතලාපිටිය
ගඟවට පාර
පල්ලේවෙල
නාවලපිටිය පාර
ලියෝනිස්
කුඩමාකේ
නාරන්විට
ඉඟුරුවත්ත
මෙම ප්‍රදේශවලින් අවතැන් වූ ජනතාව ආරක්ෂිතව රඳවා ගැනීම සඳහා ගම්පොළ ගේට් පල්ලිය, කහටපිටිය පල්ලිය සහ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානය යන ස්ථානවල විශේෂ තාවකාලික නවාතැන්පොළවල් පිහිටුවා ඇති අතර, ඔවුන් වෙත අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරමින් පවතී. මීට අමතරව, හදිසි තත්ත්වයක් යටතේ ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම සඳහා අවශ්‍ය බෝට්ටු හයක්ද මේ වන විට ප්‍රදේශයට ගෙනැවිත් ඇත.අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේ ජනතාවට අවශ්‍ය පිහිට සහ ආරක්ෂාව ලැබීමට ප්‍රාර්ථනා කරමු!














