යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්ථයක් කිරීමක් බව ‘දිනන දකුණ සාමූහිකය’ පෙන්වා දෙයි. අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබා එවැනි අවදානම් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවම අනතුරේ හෙළීමක් බව ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. නඩු ප්‍රමාදය අඩු කිරීමේ මුවාවෙන් මෙම සංශෝධනය ගෙන ඒම තුළ කිසිදු තාර්කික සබඳතාවක් නොමැති බවත්, විනිසුරුවරුන්ගේ උසස්වීම් අත්තනෝමතික ලෙස ප්‍රමාද කිරීමට හෝ අත්හිටුවීමට ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටින බවටත් එම සංවිධානය දැඩි චෝදනා එල්ල කරයි.
















