අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා 1 වැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාර නොදී අතුරුදන් වී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් විසින් පසුගිය 12 වැනිදා මෙම පැමිණිල්ල කර ඇති අතර, ගිවිසුම්ගත ප්‍රවාහන ආයතනයක් මඟින් නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12ක් වෙත බෙදාහැරීමට නියමිතව තිබූ 3 වැනි වාරයට අදාළ පොත් තොගයක් මෙලෙස අස්ථානගත වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
















