ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී තිබේ. විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍යෝත්සවය පැවැත්වේ.
මේ අතර, බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යෝත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැර අද (15) රාත්‍රී අලි ඇතුන් 40කට අධික පිරිසකගෙන් සහ සංස්කෘතික අංගවලින් අලංකාරවත්ව වීදි සංචාරය කිරීමට නියමිතය. ජූලි 25 වැනිදා ආරම්භ වූ මෙම මංගල්‍යය අගෝස්තු 16 වැනිදා දියකපන පෙරහැර හා දේව දානය පැවැත්වීමෙන් අවසන් වීමට නියමිතය.
















