බලංගොඩ, පින්නවල ප්‍රදේශයේදී කුඩා දරුවන් දෙදෙනෙකුට සැහැසි ලෙස පහරදෙනු ලබන අමානුෂික වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිදුවීමට සම්බන්ධ 26 හැවිරිදි සැකකාර පුද්ගලයා පින්නවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 19 වැනිදා රාත්‍රියේ පොලිස් භාරයට ගෙන ඇති මෙම සැකකරු විසින් සිව් හැවිරිදි ගැහැණු දරුවෙකුට සහ හත් හැවිරිදි පිරිමි දරුවෙකුට පහරදෙන අයුරු එම දර්ශනවල සටහන්ව තිබිණි. මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් දැඩි විරෝධයක් මතුවීමත් සමඟ පොලීසිය වහා ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කළේය.
පහරදීමට ලක්වූ කුඩා දරුවන් දෙදෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා බලංගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පින්නවල පොලීසිය විසින් සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙයවමින් පවතී.














