විවිධ ආර්ථික සහ වෘත්තිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තුන්දහසකට වැඩි පිරිසක් රට අතහැර ගොස් ඇති බව වාර්තා වේ.
ආර්ථික හා වෘත්තීය ගැටලු නිසා විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 1,489 දෙනෙකු 2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ පමණක් රටින් පිටව ගොස් ඇත. සමස්තයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් 2,500ක් පමණ රාජ්‍ය සේවය අතහැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍යවරුන් රට හැරයෑම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1,200කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ගණන් බලා ඇති අතර, තවත් වෛද්‍යවරුන් 2,000කට වැඩි පිරිසක් විදේශගත වීමට සූදානමින් සිටිති.
පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී, යළි පැමිණීමේ ගිවිසුම් කඩ කරමින් සේවයට වාර්තා නොකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව 514ක් පමණ වන අතර, ඔවුන් රජයට සහ විශ්වවිද්‍යාල පද්ධතියට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 340ක් පමණ වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මහ බැංකු දත්තවලට අනුව, පසුගිය වසරේදී විදේශ රැකියා සහ සංක්‍රමණ සේවා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති සමස්ත ශ්‍රමිකයන් සංඛ්‍යාව 310,915කි. එයින් බහුතරයක් එනම් සියයට 76කට අධික ප්‍රමාණයක් නිපුණ සහ වෘත්තීය මට්ටමේ සංක්‍රමණිකයන් වීම විශේෂත්වයකි.














