ශ්‍රී ලංකාවේ කැනඩා රජයේ මහකොමසාරිස් ඉසෙබෙලා මාර්ටින් මහත්මිය සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී දෙරට අතර වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.
වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු හුවමාරු පද්ධති සංවර්ධනය කිරීමටත්, කොළඹ වරායේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ. තවද, ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි 61න් ටැංකි 24ක් නැවත භාවිතයට ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සහ නාවික ඉන්ධන සැපයීමේ පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර, සූර්යබල ශක්ති සහ බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද පැවසීය. ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්සේවා ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම, පුහුණුව සහ නවීන උපකරණ ලබාදීමට කැනඩීය මහකොමසාරිස්තුමිය මෙහිදී එකඟතාව පළ කළාය.














