හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්වැව දලුග්ගල කුකුල්කටුව මැදවැව හේන් යාය ප්‍රදේශයේ දී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් වගාවේ සිටි ගොවියකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
වගාව ආරක්ෂා කරමින් සිටියදී වගාව විනාශ කිරීමට පැමිණි වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හම්බෙගමුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි තිදරු පියෙකු වන විමලසේන නැමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














