• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට වෙන් කළ මිලියන 330ක් ගල් වෙලා

තිබෙන තැනක් කීමටවත් මූල්‍යාධිකාරීවරයා අසමත් වෙයි

31 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තනතුරු 17ක් අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් ලක්ෂ ගණනක පඩිත් ගෙවලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයක් ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් රුපියල් මිලියන 330ක මුදලක් ගල් වී තිබෙන තත්ත්වයක් පසුගිය අගෝස්තු 19 වන දින පැවැති කෝප් කමිටු සමාලෝචනයේදී හෙළිදරව් වී තිබේ.
මහා භාණ්ඩාගාරය විසින් මීට වසර 5කට පමණ පෙර ලබා දුන් මෙම අතිවිශාල මුදලින් මිලියන 39ක් වැය කර ඒ සඳහා වන සැලසුම් සකස් කර උපදේශන සේවා ලබාගෙන තිබෙන නමුත් අද දිනය වන විටත් එකදු ගඩොලක් හෝ බැඳ නැති බවත්, ඉතිරි මුදල වන රුපියල් මිලියන 291ක (කෝටි 29.1) මුදල ආගිය අතක් නොමැති තත්ත්වයකට පත්ව තිබෙන බවත් එහිදී හෙළිදරව් වී ඇත.
පශ්චාත් උපාධි ආයතනය ඉදිකිරීම සඳහා වෛද්‍ය පීඨය මධ්‍යයේ (පේරාදෙණිය රෝහලට ආසන්නව) භූමි භාගයක් ලබා දී එහි අදාළ ගොඩනැගිල්ලේ සැලසුම සහිත විශාල දැන්වීම් පුවරුවක් පවා සවිකර තිබුණ නමුත්, ලක්ෂ ගණනක් වැය කර ඉදිකරන ලද එම දැන්වීම් පුවරුවද මේ වන විට තිබෙන තැනක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
පේරාදෙණිය පොලිසිය කලින් පවත්වාගෙන යන ලද්දේ ගැටඹේ පන්සල ආසන්නයේ තිබූ විශ්වවිද්‍යාලය සතු නිල නිවාසයකය. පොලිසිය සඳහා ඒ ආසන්නයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් රජය විසින් ඉදිකර දීමෙන් පසුව පොලිසිය කලින් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අත්හැර දමා තිබුණි. පේරාදෙණි පාලකයන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය එම පැරණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාමට කටයුතු කර නව ගොඩනැගිල්ල ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබේ. එසේ වුවත් ඒ සඳහා වෙන් කළ මිලියන 330ක මුදල නැවත මහා භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කර තිබුණේ නැත.
මෙම තත්ත්වය හේතුවෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ වන විටත් වැය කර තිබෙන මිලියන 39ක මුදල සම්පූර්ණයෙන්ම නිෂ්කාර්ය වැය කිරීමක් බවට පත්ව තිබේ.
යම් ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදල් වර්ෂාවසානය වන විටත් වැය කර නොතිබුණේ නම් එම මුදල් නැවත මහා භාණ්ඩාගාරය වෙත යැවීම නියමිත ක්‍රමවේදය වුවත්, වර්ෂ ගණනාවක්ම එසේ සිදු නොකර සිටීම බරපතල විෂමාචාරයක් වන අතර එකී මුදලින් ඉතිරි මිලියන 291ක මුදලට මේ වන විට සිදුව තිබෙන්නේ කුමක්දැයි පැහැදිලි කිරීමටද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරීවරයා අසමත් වී තිබේ.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා රේගු භාරයේ රඳවාගත් වාහන අවුරුදු අටක් ගරාවැටීමට ලක්වී ඇති බව විගණනයෙන් අනාවරණය වේ

Next Post

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සහ පක්ෂව පෙත්සම් ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved