ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව, රේගු භාරයේ දිගුකාලීනව රඳවාගෙන තිබූ වාහන 437 ක් භාවිතයට ගත නොහැකි මට්ටමට ගරාවැටී ඇති බව අනාවරණය වී තිබේ.
මට්ටක්කුලියේ පුද්ගලික සමාගමකින් ලබාගත් භූමියක රඳවා තිබූ වාහන 329 ක් සහ රුහුණුපුර වරාය පරිශ්‍රයේ තිබූ වාහන 108 ක් මෙලෙස අංගනවල දීර්ඝ කාලයක් ගාල් කර තැබීම හේතුවෙන් ඒවායේ වටිනාකම දැඩි ලෙස අඩුවී ඇති අතර, අදාළ වාහන වෙන්දේසි කිරීමෙන්ද රජයට සාධාරණ ආදායමක් ලබාගැනීම අවිනිශ්චිත වී ඇත. රේගු ආඥා පනතේ 109 වන වගන්තියට අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විගණනය පෙන්වා දී තිබේ. මීට අමතරව, වාහන ආනයනයේදී බදු අඩුවෙන් ගෙවීම හේතුවෙන් රජයට මිලියන ගණනක බදු ආදායමක් අහිමි වී ඇති බවද වාර්තා වේ.
















