ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙරදිග සහ අපරදිග වාදක මණ්ඩලය (Performing Arts Wing) සහ ඇමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම (U.S. Pacific Air Force Band) එක්ව ඉදිරිපත් කරන “Fusion Performance Atlas Angel 2026” ඒකාබද්ධ සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 04 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ (Arcade Independence Square) එදින පස්වරු 5:30 සිට පැවැත්වෙන මෙම විශේෂ සංගීත ප්‍රසංගය සඳහා මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන “Atlas Angel 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසයට සමගාමීව සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කෙරේ. දේශීය පරම්පරාගත රිද්මයන්, බටහිර බ්රාස් තූර්ය වාදන සහ ගායනා එකමුතුවෙන් නිර්මාණය වන මෙම ප්‍රසංගය දෙරටේ ගුවන් හමුදාවන් අතර පවතින මිතුදම සංකේතවත් කරනු ඇත.














