22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද (02) දිනයේ යළි ආරම්භ වීමට නියමිතය. ඒ, අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදීය.
මෙම පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කරන අතර, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගීතා කුලතුංග යන විනිසුරුවරුන් මෙහි අනෙකුත් සාමාජිකයින් වේ. මේ අතර 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඊයේ (01) දිනයේ දී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබේ.














