ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්රීවරුන්ට එරෙහිව “දිනන දකුණ” සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ මන්ත්රීවරුන් සිය මන්ත්රී ධුරයට හිමි වරප්රසාද වන දීමනා මහජන යහපත උදෙසා නොයොදවා, ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමකට තැන්පත් කිරීම මඟින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඔවුන් පවසයි.
ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එම සංවිධානය අද (02) උදෑසන මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 159 දෙනාම කැඳවා ප්රකාශ සටහන් කරගන්නා ලෙසත්, පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසත් කරුණු 5ක් යටතේ අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.














